යාපනය නාගවිහාරාධිපතිගේ ආදාහන පූජෝත්සවයට අධිකරණයෙන් තහනම් නියෝග ඉල්ලයි..

යාපනය නාග විහාරයේ විහාරාධිපති උතුරු පලාත් ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය මීගහජඳුරේ ඥානරතන හිමියන්ගේ ආදාහන පූජෝත්සවය යාපනය මුත්තවේලි ක්‍රීඩාංගනයේ නොපවත්ව ලෙසට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ගොනු කොට තිබූ පෙතසමක් ඊයේ (22) දින යාපනය මහේසත්‍රාත් එස්.සදීස්කරන් මහතා විසින් ප්‍රතික්ෂේප කොට ඇත.

යාපනය දෙමළ ජනතා සංස්කෘතික සංසදයේ සභාපති එස්.නිශාන්තන් හා
දෙමළ ජාතික ජනතා පෙරමුණෙ යාපනය සංවිධායක වී.මණිමුකන් යන අය විසින් අදාල පෙත්සම විසින් ගොනු කොට තිබින.

එහි සඳහන් කොට තිබුනේ මුත්තවේලී ක්‍රීඩාංගනයේ මීට පෙර දෙමළ ජනනතාවගේ අවසන් කටයුතු සිදු කළ තැනක් බවත් මේ වන විට එම ස්ථානයේ කෝවිලක් ඇති හෙයින් එම ක්‍රීඩාංගනයේ නාගවිහාරයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන උත්සවය නොපැවත්වීමට අධිකරණ නියෝගයක් ලබා දෙන ලෙසටයි.

නමුත් යාපනය මහෙස්ත්‍රාත් එස් .සදීස්කරන් මහතා විසින් අදාල භූමිය පිළිබද පුරා විද්‍යා වාර්ථාවක්ද කඳවා එම භූමිය කිසිවෙකුටත් අයිති නැති රජයේ ඉඩමක් බැවින් එවැනි උත්සවයක් සිදු කිරීමට කිසිදු බාධාවක් නැත බව පවසමින් අදාල පෙත්සම නිශ්ප්‍රභා කිරීමට පියවර ගෙන තිබින.

– වන්නි රොමේෂ් මධුෂංඛ


gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by