සාම්පූර් සූඩ කුඩා ප්‍රදේශයේ පුරාවිද්‍යා ගවේෂණයේදි සොයාගත් දාගැබ ඩෝසර් කිරිමට යොදාගත් ඩෝසරය හා එය සැඟවීමට ඩෝසරය පටවාගෙන ගිය ලොරිය සොයා ගැනිමට පොලිසය සමත්ව තිබෙනවා.
මූතුර් සහාකර පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා ප්රමුඛ පොලිස්
කණ්ඩායමක් දින ගණනාවක් පරික්ෂණ පවත්වා ලබා ගත් අධිකරණ නියෝග හා විද්‍යාත්මක සාක්ෂි පදනම් කරගෙන ඩෝසරය හා ලොරිය සොයා ගෙන තිබෙනවා.
ඩෝසරය සේරුනුවර පොලිස් වසමට අයත් රිච්චලම්පත්තු ප්‍රදේශයේ සඟවා තිබියදි ඊයේ (28) සොයා ගැනුණා.
ලොරිය සොයා ගත්තේ තෝපුර් ප්‍රදේශයේදී.
ලොරියේ ඉදිරිපස ඉහල 'සම්බුදු සරණයි' යන වැකිය ද ප්‍රදර්ශනය කර තිබෙනවා.
ලොරිය හා ඩෝසරය එකම හිමිකරුවෙකුට අයත් බවට අනාවරණය කර ගැනුණා.
අයිතිකරු දන්කොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහු තොරතුරු වසන්කිරිමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දාගැබ ඩෝසර් කල එහි ක්‍රියාකරු ඉකුත් 26දා හලාවත ප්‍රදේශයේදි රිය අනතුරකට ලක්ව තිබෙනවා.
රෝහල්ගත කිරිමෙන් පසු ඔහුගේ තත්වය බරපතල බැවින් කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇතිබවයි පැවසෙන්නේ.
ඩෝසර් යන්ත්‍රය සැගවිමට එය පටවාගෙන ගිය ලොරි රථයේ රියදුරු ද එදිනම මුතුර් තෝපුර් ප්‍රදේශයේදි යතුරුපැදියකින් ඇදවැටි මුතුර් රෝහලට ඇතුලත් කිරිමෙන් පසු ත්‍රිකුණාමලය රෝහලට මාරුකර යවා තිබෙනවා.
කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ඩෝසර් ක්‍රියාකරු අත් අඩංගුවට ගැනිමට පොලිස් කණ්ඩායමක් පිටත්ව ගොස් තිබෙනවා.
ඉකුත් 19 දා දාගැබ ඩෝසර් කර ඇති අතර 21දා එය අණාවරණය වීමෙන් පසු ඩෝසරය ලොරියක පටවාගෙන ගෙන ගොස් තිබුණා.
මූතර් සහකාර පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතාගේ මෙහෙයවිමෙන් සාම්පුර් පොලිසිය පරික්ෂණ මෙහෙයවයි.
(ත්‍රිකුණාමලය - අමදෝරු අමරජීව)
සාම්පූර් දාගැබ සමතලා කළ ඩෝසරය සහ ලොරිය සොයා ගනී - ක්‍රියාකරු සහ රියදුරු එකම දින අනතුරක
2017-12-29T08:51:00+05:30
Gossip Lanka Hot News