ත‍්‍රීකුණාමලය තෙල් ටැංකි රැක ගැනීම සඳහා තමන් සමග එක්වන්නැයි ඛණිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව මෙරට සියලු වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කරනවා.
එහි කැඳවුම්කරු ඩී. ජේ. රාජකරුණා කියා සිටියේ ආණ්ඩුව මෙම තෙල් ටැංකි ඉන්දියන් ඔයිල් සමාගමට ලබාදීමට සූදානමින් සිටින බවයි.
එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ "අඩුම වශයෙන් මාසයක තෙල්
සංචිතයක් තියා ගන්න තවත් තෙල් ටැංකි 24ක් විතර අපිට ඕනේ. ත්‍රීකුණාමලයේ ටැංකි 99ක් තියෙනවා..මීට වඩා වේගෙන් තෙල් ගොඩබෑමේ හැකියාව තියෙනවා...ඒ තියෙද්දී එතනට යන එකෙන් තොර මේකට වෙන විසඳුමක් නෑ..නමුත් දැන් ආණ්ඩුව කරන්න යන්නේ ඒ ටැංකි ටික ඉන්දියන් ඔයිල් සමාගමට ලබා දෙන්නයි." යනුවෙනි.
මේ පිළිබඳව ලබන 20 වැනිදා විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බවද ඔහු කියා සිටියා.
ඛණිජ තෙල් වෘත්තීය සමිති එකම විසඳුම පෙන්වයි
2017-12-14T08:11:00+05:30
Gossip Lanka Hot News
slide|