පළාත් පාලන ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පත අද (07) පාර්ලිමේන්තුවේදී විවාදයට ගෙන සම්මත කරගැනීමට නියමිතයි.
මේ අතර, අය - වැය 03වන වර කියවිම හෙවත් කාරක සභ අවස්ථා
විවාදය ද 16 වන දිනටත් අද පැවැත්වෙනවා.
අමාත්‍යංශ කිහිපයක වැය ශීර්ෂ එහිදී විවාදයට ගැනීමට නියමිතයි.
කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන, බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීමේ හා හින්දු ආගමික කටයුතු, ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා සහ ජාතික ඒකාබද්ධතා හා ප‍්‍රතිසන්ධාන යන අමාත්‍යංශවල වැය ශීර්ෂ එලෙස විවාදයට ගැනෙනවා.
අය - වැය 03වන වර කියවිම හෙවත් කාරක සභ අවස්ථාවේදී ඊයේ (06) විවාදයට ගැනුනේ ස්වදේශ කටයුතු, රාජ්‍ය පරිපාලන හා කළමණාකරණ සහ පළාත් සභා හා පළාත් පාලන යන අමාත්‍යංශවල වැය ශීර්ෂයි.
අද පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට යන සංශෝධන පනත් කෙටුම්පත
2017-12-07T08:05:00+05:30
Gossip Lanka Hot News
slide|