අයවැය තුන්වන වර කියවීමේ ඡන්ද විමසීම හෙට

2018 අයවැය තුන්වන වර කියවීමට අදාළ ඡන්ද විමසීම හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.

අද (08) දිනයේදී බුද්ධශාසන, තැපැල් - තැපැල් සේවා - මුස්ලිම් ආගමික කටයුතු, සංචාරක සංවර්ධන හා ක්‍රිස්තියානි ආගමික කටයුතු, විශේෂ කාර්ය භාර, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම්, විද්‍යා තාක්ෂණ
හා පර්යේෂණ යන අමාත්‍යාංශවලට අදාළව වැය ශීර්ෂයන් විවාදයට ගැනෙනවා.

මේ අතර, පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙට සිදුකරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක පාර්ලිමේන්තුවට ඊයේ ප්‍රකාශ කළා.

පළාත් පාලන විශේෂිත සංශෝධන පනත් කෙටුම්පතට නව සංශෝධන ඉදිරිපත් නොකරන ලෙසට ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂය කතානායකවරයාට ලිපියක්ද ඊයේ යොමුකර තිබුණා.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් තුන්දෙනෙකුගෙන් අත්සනින් යුතුව ඉදිරිපත් කර ඇති එම ලිපියෙන් දක්වා ඇත්තේ විෂය භාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා විසින් මෙම පනතේ අඩංගු කරුණු වලට පරිබාහිර තවත් සංශෝධන කිහිපයක් ඉදිරිපත් කිරීමේ සූදානමක් පවතින බවයි.


gossip lanka