රගර් ක්‍රිඩක මොහොමඩ් වසිම් තාජුඩින් මියයාමට ආසන්න අවස්ථාවේ දී පාවිච්චි කළ ජංගම දුරකථනයේ පටිගත වි ඇති සැකසහිත දුරකථන ඇමතුම් හා කෙටි පණිවිඩ සම්බන්ධ වැඩිදුර විමර්ශන පවත්වන බවට රහස් පොලිසිය ඊයේ (30) වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ජේරාම් ට්‍රොස්කි මහතා වෙත දැනුම් දුන්නේය.
මෙසේ කරන ලද විමර්ශනයේ දී පුද්ගලයන් 10දෙනෙකුගේ ප්‍රකාශ ලබා
ගත් බවට රහස් පොලිසිය අධිකරණය වෙත දැන්විය.
රහස් පොලිසියේ මෑතකාලයේ දී ස්ථාපිත කළ ඩිජිටල් වෝහාරික විද්‍යාගාරයේ ස්ථානාධිපතිවරයා වෙත නියෝග නිකුත් කළ මහෙස්ත්‍රාත්වරයා (NSK/UPED) මෘදුකාංග භාවිත කරමින් නොකියා 7 ජංගම දුරකථනයේ වර්ෂ 2012 /1/1 සිට 2015/8/3 කාලය තුළ දී පටිගත වි ඇති දුරකථන ඇමතුම් හා කෙටි පණිවිඩ සම්බන්ධ සම්පුර්ණ වාර්තාවක් අධිකරණයට හා රහස් පොලිසියේ මිනි මැරුම් අංශයට පිටපතක් ලබා දෙන ලෙසට ඉකුත් 8 වන දින නියෝගයක් නිකුත් කර තිබිණ.
1979 අංක 15 අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වගන්ති ප්‍රකාරව රහස් පොලිසිය මෙම ඉල්ලිම අධිකරණයෙන් සිදු කර තිබිණ.
බගවන්තලාව ගලන්කෝවත්ත පදිංචි වර්ධරාජා රාජ් බර්ති නොහොත් අච්චි නැමැත්තා භාරයේ තිබි වර්ෂ 2015/8/3 දින මෙම දුරකථනය සොයා ගෙන තිබු අතර 2015/9/9 නඩු භාණ්ඩයක් ලෙස අධිකරණය වෙත බාර දී ඇති බවට අධිකරණයෙන් කරුණු අනාවරණය විය.
දුරකථන සම්ප්‍රේක්ෂණ කුළුණු:
වර්ෂ 2012 /5/16 හා 2012/5/17 දින කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම දුරකථන කුළුණු සම්ප්‍රේක්ෂණ දුරකථන ඇමතුම් අනෙකුත් දුරකථන විස්තර විශ්ලේෂණ කරමින් විමර්ශනය කරන බවට සදහන් කරන රහස් පොලිසිය අනාවරණය වු සැක සහිත පුද්ගලයන් අනන්‍යතාව හා ක්‍රියා පටිපාටිය තහවුරු කිරිමට මැතිවරණ කොමසාරිස් කාර්යාලය, පුද්ගල ලියාපදිංචි දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව හරහා විස්තර ලබාගෙන විමර්ශන සිදු කරන බව පැවසීය.
මේ අනුව සැකසහිත දුරකථන අංක කිහිපයක් ම හඳුනා ගෙන ඇති බවත් ඒ සම්බන්ධව වැඩිදුර විමර්ශන පවත්වන බවට රහස් පොලිසිය අධිකරණය වෙත දැන්වීය.
සිද්ධියට අදාලව සැකකරුවන් වන නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශ ස්ථනාධිපති චම්පික සුමිත් පෙරේරා, හිටපු නියෝජ්‍ය පොලිස් පති අනුර සේනානායක, තෙවන සැකකරු වු හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර මහතා අධිකරණය හමුවේ පෙනි සිටියේය.
නැවත සිද්ධිය කැඳවිම ජනවාරි 26වන දින කල්තැබිණ.
තාජුඩින්ගේ දුරකථන ඇමතුම් හා SMS වැඩිදුර විමර්ශනයට
2017-12-01T10:30:00+05:30
Gossip Lanka Hot News
slide|