මෙම වසරේ ආර්ථික වර්ධන වේගය 5.5% අපේක්ෂා කලත් නියගය හා ගංවතුර නිසා එය 4.5% තෙක් පහත වැටී ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ගත වූ වසර තිහිපයේදී දේශගුණික හා කාලගුණික රටාවේ වෙනසක් සිදුව
ඇති බවද සමහර දිස්ත්‍රික්කවලට ගංවතුර ගලද්දී සමහර දිස්ත්‍රික්කවල පානීය ජලය බෙදීමට සිදු වූ බවද ඔහු පෙන්වා දෙයි.
මෙම දේශගුණික වෙනද ගෘහස්ථ, ආර්ථිකයට ඉතා අහිතකර ලෙස බලපා ඇති බවද අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.
මෙම දේශගුණික තත්වය නිසා පොල් පලදාව විශාල ලෙස පහත වැටුනු බවත් සහල් නිෂ්පාදනය විශාල ලෙස අඩු වූ බවත් එළවලු නිෂ්පාදනය 30%කින් අඩු වූ බවත් ඔහු සදහන් කලේය.
කෘෂිකර්ම අංශයේ වර්ධනය සෘණ 1.2%ක් බවට පත්ව ඇති බවද අගමැතිවරයා කියා සිටියේය.
මේ හෙතුව නිසා අප්‍රෙල් මාසය තෙක් සහල් හා පොල් ආනයන කිරීමට රජය තීරණය කර ඇති බවද අගමැතිවරයා සදහන් කරයි.
වෙනත් එළවළු ආදිය ගෙන්වීමට උවමනා වුවහොත් එසේ කටයුතු කරන බවත් එහිදී ගොවීන්ට හානි නොවන ලෙස කටයුතු කරන බවත් අගමැතිවරයා වැඩි දුරටත් පැවසීය.
සහල්-පොල් රටින් ගේනවා.. එළවළුත් රටින් ගෙන්වන්න සූදානම්…- අගමැති
2017-12-09T12:39:00+05:30
Gossip Lanka Hot News
slide|