මෙම වසරේ රජයේ සහ රජය අනුමත පෞද්ගලික පාසල්වල තුන් වන පාසල් වාරය අදින් අවසන් වනවා.
2018 වර්ෂයට අදාළ පළමු පාසල් වාරය ජනවාරි දෙවන දා ආරම්භ වන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම්
මධ්‍යස්ථාන වශයෙන් යොදා ගනු ලබන පාසල් ආරම්භ වන දිනය සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය කියා සිටියා.
මේ අතර, නව සහ පැරණි විෂය නිර්දේශ යටතේ ලබන 12 වන දා සිට 21 වන දා දක්වා පැවැත්වීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
විභාගය පෙරවරු 8.30 ට ආරම්භ වන අතර, පෙරවරු 8 ට පෙර සියලු අයැදුම්කරුවන් නියමිත විභාග මධ්‍යස්ථානයට පැමිණිය යුතු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
විභාගයට පෙනී සිටිීම සඳහා විභාග ප්‍රවේශපත්‍රය සමග ජාතික හැඳුනුම්පත හෝ වලංගු විදේශ ගමන් බලපත්‍රය අනිවාර්යයෙන් රැගෙන යායුතුයි.
ප්‍රවේශපත්‍රයේ යම් ගැටළුවක් පවතින්නේ නම් ඒ සම්බන්ධයෙන් වහා විභාග දෙපාර්තමේන්තුව වෙත දැනුම් දෙන ලෙසයි අධ්‍යාපන අමාත්‍යාංශය අයැදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ.
මේ අතර, විභාගයේදී ඇයැදුම්කරුවන් විද්‍යුත් උපකරණ මගින් විභාග වංචා සිදු කරන්නේද යන්න පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරන ලෙස විභාග ශාලාධිපතිවරුන් දැනුවත් කර ඇති බව සඳහන්.
විභාග සම්බන්ධයෙන් කිසියම් ගැටළුවක් හෝ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් දැනුම්දීම සඳහා විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 1911 අංකය ඇමතිය හැකියි.
තුන් වන පාසල් වාරය අවසන් - ජනවාරි දෙවන දා යළි ඇරඹෙයි
2017-12-08T08:10:00+05:30
Gossip Lanka Hot News