මගීන් 337 දෙනෙකු රැගත් මගී ගුවන් යානයක පාලනය සියතට ගැනීමට උත්සාහ කළ බවට 25 හැවිරිදි ශ්‍රී ලාංකිකයෙකු ඕස්ට්‍රේලියාවේ - මෙල්බර්න් මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (08දා) පිළිගෙන තිබේ.
පසුගිය මැයි 31 වනදා ක්වාලාලම්පූර් බලායාමට නියමිතව තිබූ
මැලේසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ඔහු මෙලෙස පැහැර ගැනීමට උත්සාහ කර තිබේ.
වරද පිළිගැනීමේ එකඟතා මත ඔහුට එරෙහිව ගුවන් යානය පැහැර ගැනීමේ සහ ජීවිත හානි සිදුකිරීමට තර්ජනය කිරීමේ චෝදනා ඕස්ට්‍රේලියානු නීතිපති දෙපාර්තමේන්තුව ඉවත් කරගෙන තිබේ.
කෙසේ නමුත් ඔහුට තවදුරටත් වසර 20 ක් දක්වා සිරදඬුවම් පැමිණවිය හැකි බව ඕස්ට්‍රේලියානු මාධ්‍ය සඳහන් කර සිටියි.
ශිෂ්‍ය වීසා මත මොහු ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර තදාසන්නයේ පදිංචිව සිට ඇති බව සඳහන්.
පසුගිය මැයි 31 වනදා මැලේසියානු එම්.එච්.128 ගුවන් යානය ඔහු මෙලෙස සිය පාලනයට ගැනීමට උත්සාහ කළ ද මගීන් විසින් මෙල්ලකොට පොලීසිය වෙත භාර දෙනු ලැබූයේ ගුවන් යානය යළි මෙල්බර්න් වෙත හරවාගෙන ඒමෙන් අනතුරුවය.
මානසික උපදේශන ප්‍රතිකාර ලැබූ මොහුු ගුවන් යානය පැහැර ගැනීමට උත්සාහ කර ඇත්තේ එම ප්‍රතිකාර වලින් නිදහස් වූ දිනයේදීම බව වාර්තාවේ.
''මම ගුවන් යානය පැහැර ගන්න හැදුවා'' ලාංකීකකයා පිළිගනී
2017-12-08T16:17:00+05:30
Gossip Lanka Hot News
slide|