රුසියාවට අපනයනය කරන තේ ඇතුලු අනෙකුත් සියලු කෘෂි නිෂ්පාදන රැගත් කන්ටේනර් වරායේදී විශේෂ දුමායනයකට ලක් කිරීමට තීරණය කර තිබෙනවා.
තේ පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ ආචාර්ය කීර්ති
මොහොට්ටි මහතා සඳහන් කළේ අදාල නිෂ්පාදන කන්ටේනර්වලට පැටවීමට පෙර මෙම දුමායන කටයුතු සිදු කරන බවයි.
රුසියාව මෙරටින් ආනයනය කළ තේ කන්ටේනරයක තිබි කෘමියෙකු හමුවීමත් සමග මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව ද හෙතම සදහන් කළා.
මේ අතර පසුගිය දා රුසියාව පවරනු ලැබූ තේ තහනම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා එරට බලා පිටත්ව ගිය පර්යේෂණ කණ්ඩායම ඊයේ යළි දිවයිනට පැමිණියා.
රුසියාවේ ශාක නිරෝධායන ඒකකය විසින් මෙරට තේ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් එම කණ්ඩායම ලිපියක් ලබාදී තිබෙනවා.
පසුගිය 18 වනදා රුසියාව මෙරට තේ සඳහා තහනමක් පැනවූ අතර එය හෙට සිට බලපැවැත්වෙන පරිදි ඉවත් කළ බව එම ලිපියේ සඳහන්.
මෙම තත්ත්වයන් හමුවේ රුසියාව ඇතුළු විදේශ රටවලට තේ ඇතුළු නිශ්පාදන අපනයනයේ දී විශේෂ අවධානයක් යොමු කළ යුතු බව තේ පර්යේෂණ ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ ආචාර්ය කීර්ති මොහොට්ටි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
රුසියාවට යවන තේ කන්ටේනර් වරායේදී විශේෂ දුමායනයකට
2017-12-30T15:27:00+05:30
Gossip Lanka Hot News
slide|