වර්ජනය හේතුවෙන් බිඳවැටී ඇති දුම්රිය ගමනාගමන කටයුතු පවත්වාගෙන යාම සඳහා විශ්‍රාමික දුම්රිය රියරදුන්ට, දුම්රිය පාලකවරුන්ට, නියාමකවරුන්ට, ස්ථානාධිපතිවරුන්ට නැවත සේවයට පැමිණිය හැකි බවට දන්වා විශේෂ නිවේදනයක් දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙනවා.
දින 05 ක් තිස්සේ වෘත්තිය ක්‍රියාමාර්ගයක නිරතව සිටින දුම්රිය වෘත්තිය සමිති මේ වනවිට කොළඹදී විශේෂ සාකච්ඡාවක ද නිරතවන බවයි වාර්තා වුණේ.
ඒ, මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහායි.
කෙසේ වෙතත් දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස නම් කර තිබියදීත් අද දින සේවයට වාර්තා නොකරන සේවකයින් සේවය අතහැර ගියා සේ සළකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් ලිපි නිකුත් කරනු ඇති බවයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ජී.එස්. විතානගේ මහතා කියා සිටියේ.
විශ්‍රාමික දුම්රිය සේවකයින්ට කැඳවීමක්
2017-12-11T16:30:00+05:30
Gossip Lanka Hot News
slide|