අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පාසල් දරුවන් සහ පොදු මහජනතාව පත්ව ඇති අපහසුතාවයන් සැලකිල්ලට ගනිමින් සේවයට වාර්තා කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දුම්රිය කාර්යය මණ්ඩලවලින් ඉල්ලීමක් කරනවා.
ඔවුන්ගේ ගැටලු විසදා ගැනීම සඳහා ඉදිරියේ දී සාකච්ඡාවක් ලබාදීමට
සුදානම් බවයි ජනාධිපතිවරයා කියා සිටියේ.
උසස් අධ්‍යාපනයේ කඩයිම් විභාගයකට ඉදිරිපත් වන සිසු දරුවන්ගේ මානසික තත්ත්වය පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙස ද ජනාධිපතිවරයා දුම්රිය කාර්යය මණ්ඩලවලින් ඉල්ලීමක් කරනවා.
මෙම ගැටලුව සම්බන්ධයෙන් මානුෂීය අවධානය යොමු කරන ලෙසයි ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේ.
සාමාන්‍ය පෙළ දරුවන් සහ ජනතාව ගැන සිතා සේවයට එන්නැයි ජනපති දුම්රිය සේවකයන්ගෙන් ඉල්ලීමක් කරයි
2017-12-12T08:18:00+05:30
Gossip Lanka Hot News
slide|