ආරම්භ කර ඇති වර්ජනය අඛන්ඩව පවත්වාගෙන යන්නේද නැද්ද පිළිබඳ අවසන් තීරණයක් අද දින ගන්නා බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය පවසනවා.
ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා කියා සිටියේ ඊයේ දින පත් කරනු
ලැබු කැබිනට් අනු කමිටුව සමග අද පෙරවරුවේ පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව එම තීරණය ගන්නා බවයි.
අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ සභාපතීත්වයෙන් යුත් අනු කමිටුව සහ වර්ජනයේ නිරත වෘත්තිය සමිති සාමාජිකයින් අතර අදාළ සාකච්ඡාව පෙරවරු 9.30 ට පැවැත්වීමට නියමිතයි.
මේ අතර, අද දින තුළ සේවයට නොපැමිණෙන කොන්ත්‍රාත් දුම්රිය සේවකයින්ගේ සේවය අත්හිටුවීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම සේවයට වාර්තා නොකරන සෙසු දුම්රිය සේවකයින් සේවය අතහැර ගියාසේ සලකන බවයි දුම්රිය අතිරේක සාමාන්‍යාධිකාරී විජය සමරසිංහ මහතා සඳහන් කළේ.
7 වන දිනටත් දුම්රිය වර්ජනය ක්‍රියාත්මක වුව ද අද දිනයේත් මගී අවශ්‍යතාවය වෙනුවෙන් දුම්රිය ගමන්වාර රැසක් යොදවා ඇති බව ද හෙතෙම සඳහන් කළා.
දුම්රිය වර්ජනය ගැන අවසන් තීණ්දුව අද
2017-12-13T08:01:00+05:30
Gossip Lanka Hot News
slide|