අද පෙරවරුවේ සිට දුම්රිය ධාවනය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කළ හැකි බව දුම්රිය වෘත්තිය සමිති පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ සේවකයින් නැවත රාජකාරී සඳහා වාර්තා කිරීම මෙන්ම අක්‍රමවත්ව ධාවනය වූ දුම්රියන් අදාළ ස්ථානවලට ගෙන්වීම
ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් යම්කිසි කාලයක් ගතවූ බවයි.
දින 7ක් පුරා ක්‍රියාත්මක වූ දුම්රිය වර්ජනය ඊයේ දහවල් සිට අවසන් කිරීමට පියවර ගනු ලැබුවේ ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ කැබිනට් අනු කමිටුව සහ වෘත්තිය සමිති අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
දුම්රිය රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පැවසුවේ ගැටලුව විසදීම සඳහා පත් කළ අමාත්‍ය අනු කමිටුව සමග පැවති සාකච්ඡාවේදී සිය ගැටලු සඳහා සාර්ථක ප්‍රතිචාර හිමිවූ බවයි.
Comments by IntenseDebate
Posting anonymously.
දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2017-12-14T13:27:00+05:30
Gossip Lanka Hot News
slide|