එහි නියෝජ්‍ය මහ ලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මේ බව සඳහන් කරනවා.
කුරුණෑගල ජනහමුවක් අමතමින් ඔහු පෙන්වා දුන්නේ පාඩු වූ බව කියන
මුදලට වඩා වැඩි ප්‍රමාණයක් මේවනවිට රජය විසින් අදාළ සමාගමෙන් රඳවා ගැනීමට කටයුතු කර ඇති බවයි.
බැඳුම්කර සිදුවීමත් සමග ඇමතිවරු ඉවත් වූයේ ද ඉවත් වන ලෙසට පක්ෂය විසින් දැනුම් දෙනු ලැබූ නිසා බවයි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම්වරයා වැඩි දුරටත් කියා සිටියේ.