අද පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇත.
අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන මෙම හමුව සදහා සහභාගී වන ලෙස සියළු පක්‍ෂ නායකයන්ට ආරාධනා කර තිබේ.
මෙහිදී සාකච්චා කිරීමට නියමිතව ඇත්තේ බැදුම්කර කොමිසමේ වාර්තාව
හා බරපතළ වංචා විමර්ශන කොමිෂන් සභා වාර්තාව සම්බන්දයෙන් මතුව ඇති සාකච්චා හා ඒ සම්බන්දයෙන් ගන්නා ඉදිරි පියවරයන් ගැනයි.
කෙසේ වෙතත් මේ හමුව සදහා ඒකාබද්ද විපක්‍ෂයේ පක්‍ෂ සහභාගී නොවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා සදහන් කරයි.
ඔහු පෙන්වා දෙන්නේ මැතිවරණය ආසන්නයේ මෙවන් සාකච්චාව කැදවන්නේ දේශපාලන වාසි සදහා පමණක් බවත් මැතිවරණය අවසන් වූ පසු කැදවන සාකච්චා සදහා සහභාගී වන බවත්ය.

Tags
slide