එදා මිල හා අද මිල සංසන්දනය කිරීමේදී බැඳුම්කරයෙන්, ජාතික ඉතිරි කිරීමේ බැංකුවට, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට හා සේවක අර්ථසාධක අරමුදලට (ඊපීඑෆ්) රුපියල් බිලියන 25ක ලාභයක් අත්වී ඇති බව පෙන්වමින් පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කිරීමට පර්පචුවල්
ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන ඇලෝසියස් සූදානම්වන බව වාර්තා වේ.
මේ අනුව ජාතික ඉතිරි කිරීමේ බැංකුවට රුපියල් බිලියන 1.2ක්ද, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවට රුපියල් බිලියන 2.9ක් හා සේවක අර්ථසාධක අරමුදලට (ඊපීඑෆ්) රුපියල් බිලියන 21.2 ක ලාභයක් ලැබී ඇති බව ඔවුන් පෙන්වාදීමට සැරසෙන බවද පැවසේ.
වසර 2015 පෙබරවාරි 27 වැනිදා සිදුකළ බැඳුම්කර ගනුදෙනුවේදී සෘජු ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා රජයට සිදුව ඇති, වළක්වාගත හැකිව තිබූ පාඩුව රුපියල් හැටඅටකෝටි අසූහත් ලක්ෂ හැටදෙදහස් එකසියයක් (රු. 688,762,100) බව බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව ජනාධිපති කොමිසම වාර්තා කර තිබිණි.
බැඳුම්කරෙන් රාජ්‍ය ආයතනවලට බිලියන 25ක් ලාභ බව අර්ජුන කියයි ?
2018-01-30T08:34:00+05:30
Gossip Lanka Hot News
slide|