අනුරාධපුර විශේෂ මහාධීකරණය අහෝසියි

මෙතෙක් පැවැති අනුරාධපුර විශේෂ මහාධිකරණය අහෝසි කිරීමට අධිකරණ සේවා කොමිසන් සභාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව අනුරාධපුර විශේෂ මහාධිකරණය ලෙස පැවැති මෙම අධිකරණය මින් ඉදිරියට උතුරු මැද පළාත් බද මහාධිකරණ අංක දෙක  ලෙස නම් කරනු ඇති.

අනුරාධපුර විශේෂ මහාධිකරණය 2014 වසරේ සැප්තැම්බර් 24වැනිදා ස්ථාපිත කරනු ලැබුවේ ත්‍රස්තවාදි ක්‍රියාවලට සම්බන්ධ නඩු සහ ළමා අපයෝජන සිද්ධීන්වලට අදාල නඩු පමණක් විභාග කිරීම සඳහායි.
ඒ එවකට අගවිනිසුරුවරයා ලෙස කටයුතු කළ මොහාන් පීරීස් මහතා  විසින්.
අනුරාධපුර ගුවන් හමුදා කදවුරට කොටි ත්‍රස්තවාදීන් ගුවනින් හා ගොඩ බිමින් එකවර ප්‍රහාර එල්ල කිරීමට අදාළ නඩුව මෙහි විභාග වනවා.
එමෙන්ම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රාහාරයකින් මේජර් ජනරාල් ජානක පෙරේරා මහතා ඇතුළු 32 දෙනෙකු මරණයට පත් කිරීමේ සිද්ධියට අදාල නඩුව විභාග වන්නේ ද මෙම මහාධිකරණය තුළයි.

gossip lanka