විශේෂ රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුව අද රැස්වෙයි. - බැඳුම්කර වාර්තාවත් සභාවට

හදිසි විශේෂ රැස්වීමක් සඳහා අති විශේෂ ගැසට් නිවේදනයකින් අද දින පාර්ලමේන්තුව කැඳවා තිබෙනවා.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතානායක කරූ ජයසූරිය මහතාගෙන් කළ ඉල්ලීමකට අනුවයි මෙම කැඳවීම කර ඇත්තේ.
ඒ අනුව අද පෙරවරු 10.30ට පාර්ලිමේන්තුව කැඳවෙන බවයි
පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම්වරයා  සඳහන් කරන්නේ.
නව වර්ෂයේ පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබුණේ මෙම මස 23 වන අගහරුවාදා පස්වරු 1ටයි.
මහ බැංකු බැදුම්කර ගනුදෙනුව පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් විවාදය සඳහා පාර්ලිමේන්තුව කැඳවන ලෙස කතානායකවරයාට දන්වන බව අග්‍රාමාත්‍යවරයා පසුගිය දා කියා සිටියා.
ඒ අනුව බැදුම්කර වාර්තාව පිළිබඳ හදිසි විවාදයක් පැවැත්වීමට අදාල කරුණු සාකච්ඡා කිරීම සඳහා ඊයේ පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් ද පැවැත්වුණා.

එම අවස්ථාවේදී තීරණය වූයේ බැදුම්කර කොමිසමේ වාර්තාව අද දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.
පසුව අද දින පක්ෂ නායකයින් යළි රැස්ව විවාදය පැවැත්වෙන දිනය පිළිබඳ තීරණයක් ගන්නා බව මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියා.

gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by