සිය ධූර කාලය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශේ්්‍රෂ්ඨාධිකරණයෙන් සිදුකල මත විමසුමට මැදහත් පාර්ශවයක් ලෙස අද දිනයේ ඉදිරිපත් වන බව කැෆේ සංවිධානය පවසනවා.
එහි විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පැවසුවේ නව ව්‍යවස්ථාවට අනුව 2019 වසරේ දෙසැම්බර් මාසයේ දී ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කළ යුතු බවයි.
කෙසේවෙතත් වර්තමාන ජනාධිපතිවරයාගේ ධුර කාලයේ නීත්‍යානුකූල වළංගුභාවය පිළිබඳව අධිකරණයෙන් විමසීම ප්‍රායෝගික බව ද කියා සිටියා.
සිය ධූර කාලය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශේ්්‍රෂ්ඨාධිකරණයෙන් සිදුකල මත විමසුම සම්බන්ධයෙන් නීතිඥ සංගමයේ තීන්දුව අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.
සිය ධුර කාලය පිළිබද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය 09 වනදා ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසිමක් සිදුකර තිබුණා.
මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛාධිකාරි විසින් නීතිමය සංගමයේ සභාපති යු.ආර්. ද සිල්වා මහතා දැනුවත් කර ඇති අතර ඒ අනුවයි නීතිඥ සංගමයේ මත විමසුම සිදුවන්නේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 වසරේදි ජයග්‍රහණය කිරිමෙන් අනතුරැව දිව්රැම් දෙනු ලැබුවේ පැරණි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුවයි.
එම ව්‍යවස්ථාව අනුව මෙරට තේරිපත්වන ජනාධිපතිවරයෙකු සදහා වසර 6ක කාලයක් එම ධුරයේ රැදී සිටිමට අවස්ථාව හිමිවනවා.
කෙසේවෙතත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයෙකුගේ ධුර කාලය වන්නේ වසර 5 ක් පමණයි.
ජනපතිගේ ධුර කාලය ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ මත විමසුමට කැෆේ සංවිධානය මැදිහත් පාර්ශ්වයක් ලෙස ඉදිරිපත් වෙයි
2018-01-11T15:26:00+05:30
Gossip Lanka Hot News
slide|