විදුහල්පතිවරියක් දණ ගැස්වූයේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කිරීම සඳහා අධ්‍යාපන ආංශික අධීක්ෂණ කාරක සභාව යටතේ සර්ව පාක්ෂික කමිටුවක් පත්කිරීමට තීරණය කර තිබේ.
අධ්‍යාපන ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී
වඩිවේල් සුරේෂ් මහතා විසින් මෙම කමිටුව පත්කර ඇති අතර මෙම කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා පත් කර ඇත
නිහාල් ගලප්පත්ති මහතාගේ සභාපතීත්වයෙන් පත් කර ඇති මෙම කමිටුවට අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාද පත්කර ඇති අතර සෑම පක්ෂයක්ම නියෝජනය වන පරිදි නියෝජිතයින් පත්කිරිමටද නියමිත වේ.
මෙම කමිටුව නියෝජිතයින් නව දෙනකුගෙන් සමන්විත වන අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන කර අධ්‍යාපන ආංශික අධික්ෂණ කාරක සභාව වෙත වාර්තාව ලබා දිය යුතු වේ.
දණගැස්වීමේ සිද්ධිය විමර්ශනයට සර්ව පාක්ෂික කමිටුවක්
2018-01-24T12:42:00+05:30
Gossip Lanka Hot News
slide|