වෛද්‍ය වර්ජනය උදෑසන 8ට

සයිටම් අර්බුදයට විසඳුම් ලබාදීම ඇතුළු ඉල්ලීම් 10ක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (30) දීප ව්‍යාප්ත එක්දින දින වැඩ වර්ජනයකට එළඹෙනවා.

ඒ අනුව අද උදෑසන 8 සිට අදාළ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි රජයේ
වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නලින්ද හේරත්  සඳහන් කළේ.

මේ අතර, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ බස්නාහිර පළාත් සේවකයින් අද උදෑසන 9 සිට පැය 4ක සංකේත වර්ජනයක නිරත වනවා.

ඒ අනුව එම කාලය තුළ ජල බිල්පත් ගෙවීම ආදී සියලුම සේවා අඩපණ වන බවයි වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු, ඉංජිනේරු උපාලි රත්නායක සඳහන් කළේ.

gossip lanka