වෛද්‍යවරු 30 වනදා අඛණ්ඩ වැඩවර්ජනයක

මාලබේ  සයිටම් වෛද්‍ය  විද්‍යාල අර්බුදයට  විසඳුම් ලබා නොදීම වෛද්‍යවරුන්ගේ වෘත්තිය ගැටළුවලට  විසඳුම් නොලැබීම යන කරුණු මුල්  කරගනිමින්  මේ මස 30 වැනි දා දීපව්‍යාප්ත අඛණ්ඩ වැඩවර්ජනයක්  ක්‍රියාත්මක කිරිමට  රජයේ  වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ.

කාලයක සිට  පවතින ගැටළුවලට  විසඳුම් ඉල්ලා අවස්ථා ගණනාවක දීම
විවිධ ක්‍රියාමාර්ග ගත්තද සෞඛ්‍ය  බලධාරීන්  තවමත්  ඊට  නිසි ප්‍රතිචාර දක්වා  නැතැයි ද රජයේ  වෛද්‍ය  නිලධාරීන්ගේ සංගමයේ  ලේකම් වෛද්‍ය  හරිත අලුත්ගේ මහතා පැවසිය.

ශ්‍රී ලංකා  වෛද්‍ය  සභා නිලවරණයේ  ප්‍රතිළුලය සෞඛ්‍ය  ඇමැති රාජිත සේනාරත්න මහතාගේ  ක්‍රියාකලාපයට  නිසි පිළිතුරක්  ලබා දී  තිබෙන බවද රටපුරා වෛද්‍යවරුන්ගෙන් බහුතරය සයිටම් විරෝධී සටනට සහය පළ කර  ඇතැයි ද ඔහු කීය.


gossip lanka