මැතිවරණ පැමිණිලි බාරගැනීම සඳහා ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබේ.
මැතිවරණ කටයුතු ආශ්රිතව සිදුවන හිමිකම් උල්ලංඝනයන් සහ කඩකිරීම් පිළිබඳව සොයා බැලීම මෙහි අරමුණ බව ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේය.
මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී කාන්තා අපේක්ෂිකාවන්
ඉලක්ක කර සිදුවන ප්රචණ්ඩ ක්රියා පිළිබඳව සිද්ධීන් වාර්තා වන අතර ඒ සම්බන්ධයෙන් මෙම ඒකකයේ විශේෂ අවධානය යොමුකිරීමට නියමිතව තිබේ.
පැය විසි හතර පුරා ක්රියාත්මක 0773 088 135 හෝ 0773 762 112 දුරකථන අංකවලට ඇමතීමෙන් පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කළේය.
ඊට අමතරව 0112 505 574 ෆැක්ස් අංකයට ද පැමිණිලි ඉදිරිපත් කළ හැකියි.
මේ අතර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ පුද්ගලයින් සඳහා ලබන එක සහ දෙක යන දෙදින අවස්ථාව ලබාදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ.
මැතිවරණ පැමිණිලි බාර ගන්න විශේෂ ඒකකයක්
2018-01-30T12:28:00+05:30
Gossip Lanka Hot News
slide|