ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ දී ජනතාව බුද්ධිමත්ව ක්‍රියා කළ යුතු බව අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපුජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමි පවසනවා.
උන්වහන්සේ පෙන්වා දෙන්නේ මැතිවරණ කාලවලදී ගැටුම් ඇති කරගැනීම අනුමත කළ නොහැකි බවයි.
තමන් කැමති අපේක්ෂකයාට ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ජනතාවට හිමිවිය යුතු අතර ඒ සඳහා කිසිවෙකුට බලපෑම් කළ නොහැකි බව අස්ගිරි මහනාහිමියන් පෙන්වා දෙනවා.
ඉදිරි පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදුකරමින් වරක්ගොඩ ඥානරතන මහනාහිමි මේ බව සඳහන් කළා.
මැතිවරණය ගැන අස්ගිරි පාර්ශ්වයෙන් නිවේදනයක්
2018-01-01T09:02:00+05:30
Gossip Lanka Hot News
slide|