ලබන පෙබරවාරි 10 වැනි දින පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී කායික දුබලතාවයෙන් යුතු තැනැත්තන් විසින් විශේෂ ප්‍රවාහන පහසුකම් සඳහා ඉල්ලුම් කිරීමට හිමිකම් තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.
ඒ අනුව මෙම පහසුකම් සඳහා වූ අයදුම්පත් ඡන්ද විමසීම පවත්වනු ලබන
දිනයට දින හතරකට පෙර එනම් පෙබරවාරි 03 වන දින හෝ ඊට පෙර අදාළ තේරීම්භාර නිලධාරි සෑහිමට පත්වන්නේ නම්, එම තැනැත්තා හට විශේෂ ප්‍රවාහන පහසුකම් ලබා ගැනීම සඳහා අවසර පත් නිකුත් කළ හැකිය.
]2002 අංක 01 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනතින් ප්‍රධාන ප්‍රඥප්තියට ඇතුළත් කරන ලද 82 උ 4 (ඈ) වැනි වගන්තිය අනුව, යම්කිසි කායික දුබලතාවයක් නිසා යම් තැනැත්තෙකුට පයින් හෝ ශ්‍රී ලංකා මධ්‍යම ගමනා ගමන මණ්ඩලය හෝ යම් ප්‍රාදේශීය ගමනා ගමන මණ්ඩලයක් හෝ ශ්‍රී ලංකා ආණ්ඩුවේ දුම්රිය සේවය හෝ යම් මහජන ප්‍රවාහන සේවාවක් විසින් සපයනු ලබන ප්‍රවාහන සේවාවක් මඟින් ඡන්ද පොළට යාම ඊම කළ නොහැකි නම් තමාට ඡන්ද පොළට යාමට ඊමට සඳහා ස්වකීය ඡන්ද විමසීම් ප්‍රදේශයේ තේරීම් භාර නිලධරයා වෙත තමා විසින්ම හෝ එසේ නොමැති නම් තමා වෙනුවෙන් අපේක්ෂකයෙකු නොවන වෙනත් අයකු විසින් හෝ ඉල්ලුම් පත්‍රයක් ඉදිරිපත් කළ හැකිය.
ඡන්ද පොළට යාමට කායික දුබලතා සහිත පුද්ගලයන්ගේ අයදුම්පත් කැදවයි
2018-01-22T11:18:00+05:30
Gossip Lanka Hot News
slide|