වන ජීවි දෙපාර්තමේන්තුවේ වන අලි ආරක්ෂා කිරීමේ ක්රියාවලිය ඇතුළු වන සතුන් ආරක්ෂා කිරීමට ගෙන ඇති පියවර පිළිබඳ විගණකාධිපති දෙපාර්තමේන්තුව විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
අදාළ පරීක්ෂණ වාර්තාව ඉදිරි සති තුන ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි සැළසුම් කර ඇත්තේ.
වන සතුන් ආරක්ෂා කිරීම සඳහා වන ජීවී දෙපාර්තමේන්තුවට විශාල මුදලක් වෙන් කර ඇති බවත් ඒ සඳහා නිලධාරීන් දැක්වූ දායකත්වය පිළිබඳවත් එහිදී අවධානය යොමු කරනු ඇති.
දළ ඇතුන් කිහිප දෙනෙකු ඝාතනයට ලක්වීම මෙන්ම අලි මිනිස් ගැටුම් උත්සන්න වීම හමුවේ මෙම පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා සඳහන් කරන්නේ.
අලි ආරක්ෂා කිරීමේ ක්රියාවලිය ගැන විගණකාධිපති දෙපාර්තමේන්තුවෙන් විශේෂ පරීක්ෂණයක්
2018-01-10T16:03:00+05:30
Gossip Lanka Hot News
slide|