මෙවර පළාත් පාලන මැතිවරණයට අදාළව විශේෂ දිනයක් ලෙස අද නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු සිදුකරන බව අතිරේක මැතිවරණ කොමසාරිස් සමන් ශ්‍රී රත්නායක පවසනවා.
නිල ඡන්ද පත්‍රිකා බෙදා හැරිමේ කටයුතු පසුගිය 18 වනදා ආරම්භ
කෙරුණු අතර එය පෙබරවාරි 3 වන දායින් අවසන්වීමට නියමිතයි.
මෙවර ඡන්දය ප්‍රකාශ කිරිමට සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයින්ගේ සංඛ්‍යාව එක්කෝටි 53 ලක්ෂයක්.
මේ අතර පොදුජන පෙරමුණ මහරගම නගර සභාවට ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික්ෂේප වීම නිසා පාපැදිය ලකුණින් ඉදිරිපත්ව සිටින ස්වාධීන කණ්ඩායමට තම සහය පළ කරන බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රි උපාලි කොඩිකාර ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශ කළා.
කෙසේ නමුත් මැතිවරණ කොමිසම අවධාරණය කළේ නාමයෝජනා ලැයිස්තුවෙන් පිට කිසිදු අයෙකුට පළාත්පාලන ආයතනවල මන්ත්‍රීවරුන් ලෙස පත්විය නොහැකි බවයි.
මැතිවරණ පනතේ සඳහන් ඉහත නීතිය පිළිබඳව ඊයේ පැවති මාධ්‍ය හමුවට එක්ව සිටි මහරගම හිටපු නගරාධිපතිනි කාන්ති කොඩිකාරගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා.
එයට පිළිතුරු ලබාදෙමින් ඇය කියා සිටියේ ස්වාධීන කණ්ඩායමකට සහයෝගය පළ කිරීමට නීතිමය බාධාවක් නොමැති බවයි.
කෙසේ වෙතත් හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී මැතිවරණ කොමිසම කියා සිටියේ පළාත්පාලන ඡන්ද විමසීමේ පනතට අනුව යම් අපේක්ෂකයෙකු ඉල්ලා අස්වුවහොත් ඔහු වෙනුවට පත් කළ හැක්කේ ලැයිස්තුවේ ඊළඟට සිටින අපේක්ෂකයා බවයි.
නාමයෝජනා ලැයිස්තුවල නියමිත සභික ධුර ගණනට අමතරව අතිරේක අපේක්ෂකයන් තුන්දෙනෙකු නම් කර ඇත්තේ යම් පුද්ගලයෙකු මියගිය හෝ ඉල්ලා අස්වුවහොත් ඇතිවන පුරප්පාඩුව සඳහායි.
අපේක්ෂක ලැයිස්තු ප්‍රතික්ෂේප වූ අයට වෙනත් පක්ෂයකින් හෝ ස්වාධින කණ්ඩායමකින් යළි පළාත්පාලන ආයතන සඳහා පත්විය නොහැකි බවයි එමඟින් පෙන්වා දෙන්නේ.
නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනය අදයි
2018-01-28T12:36:00+05:30
Gossip Lanka Hot News
slide|