මහැබැංකු බැදුම්කර දූෂණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත්කළ විශේෂ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයකුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ ලේකම්වරයක්ගේ නම පැහැදිලිව සඳහන්වන බව ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග පවසයි.
එහෙත් ජනාධිපතිවරයා බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් සිදුකල විශේෂ
ප්රකාශයේදී අදාළ ඇමතිවරයාගේ නම සඳහන් නොකිරීමට වගබලාගෙන තිබිණ.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අනුව, රජයට සිදුව ඇතැයි කියන අලාභයෙන් මිලියන 8529 හෙවත් බිලියන 8.5කට වැඩි අලාභයක් සිදුව ඇත්තේ සේවක අර්ථසාධක අරමුදල, ජාතික ඉතිරිකිරීමේ බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ සමාගම, රක්ෂණ සංස්ථා අරමුදල, මහපොළ ශිෂ්‍යත්ව අරමුදල ඇතුළු ආයතනවලටයි.
මලික් - කබීර් බේරුනේ කොහොමද ?
බැදුම්කර වංචාව සිදුවන විට එම ආයතන අතරින් බොහොමයක් සහ රාජ්‍ය බැංකු පැවතියේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් ඇමතිවරයා යටතේය.
එසේ තිබියදී ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් ඔහුව චෝදනාවට ලක් නොවූයේ කෙසේදැයි බොහෝ දෙනෙකු විමතිය පලකරති.
කෝප් කමිටු වාර්තාව අනුව අදාල බැදුම්කර නිකුතුව අවස්ථාවේදී එජාප සභාපති, අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාද එම ස්ථානයට පැමිණ ඇතැයි හෙළිවී තිබුණු අතර, ජනපතිවරයාගේ විශේෂ ප්‍රකාශයෙන් ඔහුගේ නමද හැලී තිබිණි.
කෝප් කමිටු වාර්තා සහ, බැදුම්කර කොමිසමේ සාක්ෂි විමසීම්වලින් හෙළිවුණු කරුණු අනුව දූෂිත ගණුදෙනුවට සෘජුවම සම්බන්ධ එජාප ප්‍රබලයන් පිළිබදව ජනාධිපතිවරයාගේ ප්‍රකාශයේ වචනයක්වත් සදහන් නොවෙද්දී, අර්ජුන් ඇලෝසියස් සමග සිය පවුලේ සාමාජිකයින් සිදුකල සිදුවූ පෞද්ගලික ගණුදෙනුවක් සදහන් කරමින් හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා පමණක් චූදිතයෙකු කර තිබීම හාස්‍යට කරුණක් බවද colombotoday වෙබ් අඩවිය පවසයි.
රවී කරුණානායක ඇමතිවරයාගේ පෞද්ගලික ගණුදෙනුවක් පෙන්වමින් බැදුම්කර වංචාවට සම්බන්ධ මහ හොරුන්ට අතපිහදා ගැනීමට නොහැකි බව, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාද ඊයේ මාධ්‍ය හමුවකදි කියා සිටියේය.
බැඳුම්කර ගනුදෙනුවට උදව්කල ඇමති ලේකම් මට්ටු !
2018-01-08T08:32:00+05:30
Gossip Lanka Hot News
slide|