ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන මිලදී ගැනීමේදී සිදුකර ඇතැයි කියන රුපියල් කෝටි දෙකකට අධික මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පසුගිය රජයේ හිටපු ප්‍රබල මන්ත්‍රීවරයකු ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.
පසුගිය රජයේ අධීක්‍ෂණ මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කර ඇති මෙම
මන්ත්‍රීවරයාට එරෙහිව දූෂණ චෝදනා
රැසක් ඇති බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.
ජනාධිපති ලේකම් කාර්යාලය සඳහා වාහන මිලදී ගැනීමේදී සිදු වූ මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපති අතිරේක ලේකම්වරයකු සහ ගණකාධිකාරිවරයකු පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් පෙරේදා (25 වැනිදා) අත්අඩංගුවට ගත් අතර ඔවුහු බන්ධනාගාරගත කරනු ලැබ සිටිති.
තීරුබදු රහිත මිලට ගෙන ආ මෙම වාහන ජනාධිපති ලේකම් කාර්යාලය මගින් මිලට ගෙන ඇත්තේ වෙළෙඳපළේ එවකට පැවැති මිලට බව ද විමර්ශනවලින් හෙළි වී ඇත.
ඉකුත් 2010 වර්ෂයේදී මෙම සුඛෝපභෝගී වාහන 8 ක් මිලට ගැනීමේදී මෙම අක්‍රමිකතාව සිදුවී ඇත.
-දිවයින
පසුගිය රජයේ ප්‍රබල මන්ත්‍රීවරයෙක්‌ළඟදීම අත්අඩංගුවට
2018-01-27T09:12:00+05:30
Gossip Lanka Hot News
slide|