2018 වර්ෂය සඳහා පාසල් පෙළ පොත් බෙදාදීමේ ජාතික උත්සවය කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේදී හෙට (11) පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා. රජය මගින් නොමිලේ ලබාදෙන පෙළ පොත් ළමුන් අතට පත් කිරීම සඳහා සෑම වසරකදීම අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලබනවා. එය
සංකේතවත් කරමින් සෑම වසරකදීම පාසල් පෙළපොත් දරුවන්ට ලබාදීමට අදාළව ජාතික උත්සවයක් පැවැත්වේ.
නොමිලේ ලබා දෙන පෙළපොත් නැවත පරිහරණය කළහැකි වනසේ භාවිතා කිරීමේ වැදගත්කම, අරපිරිමැස්ම, පාසල් අධ්‍යාපනයේ වටිනාකම හා වැදගත්කම පිළිබඳවත්, රටේ ජනතාවගේ බදු මුදලින් රජය මගින් නොමිලේ දරුවන් අතට පත් කෙරෙන පාසල් පෙළපොත් භාවිතා කරමින් මනා අධ්‍යාපනයක් ලබා යහපත් පුරවැසියෙකු ලෙස සමාජයට පිවිසීමේ වැදගත්කම ආදී කරුණු සම්බන්ධයෙන් මෙහිදී පාසල් සිසුන් දැනුවත් කෙරෙනවා. වාර්ෂිකව පැවැත්වෙන මෙම ජාතික උත්සවයේ අරමුණ වන්නේද එයයි. මෙවර පෙළ පොත් සඳහා රුපියල් බිලියන 3.3ක් වැය කර ඇති බවයි වාර්තා වන්නේ.
පෙළපොත් බෙදාදීමේ ජාතික උත්සවය හෙට
2018-01-10T13:01:00+05:30
Gossip Lanka Hot News
slide|