රජයට ලැබුණු ආදායම් ගිය වසර තුනේදී පිල්ලි ගහලා

වසර පනහක හැටක කාලයක් තිස්සේ සිට සෘජුවම රජයට ලැබුණ විශාල ආදායම් ප්‍රමාණයක් පසුගිය වසර තුනක කාලයක සිට පෞද්ගලික සමාගම්වලට යොමුකර ඇති බවට තොරතුරු ලැබි තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය.

මෙය සිදුවී ඇත්තේ රජයේ හෝ කැබිනට් මණ්ඩලයේ කිසිදු
අනුමැතියකින් හෝ දැනුවත් වීමකින් තොරව බවද ජනාධිපතිවරයා පැවැසීය.අනුමැතියකින් හෝ දැනුවත් වීමකින් තොරව බවද ජනාධිපතිවරයා පැවැසීය.

හෙතෙම මේ බව සඳහන් කළේ පසුගිය 26 (සිකුරාදා) වැනිදා උදෑසන මාධ්‍ය ආයතන ප්‍රධානීන් සහ පුවත්පත් කතුවරුන් සමග පැවැති සාකච්ඡාවකදීය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ රජයට සම්බන්ධව සිටින ඇතැම් පිරිසකගේ ව්‍යාපාරවලට වාසිදායක වනපරිදි ඉතා සූක්ෂම ලෙස මෙම කටයුත්ත සිදුවී ඇති බවයි.

මීට අමතරව විදේශවලින් ගෙන්වන භාණ්ඩවල මිල තීරණය කිරීමේදී සහ ප්‍රතිඅපනයනයේදී දේශපාලන අධිකාරිය හා පවතින සබඳතා අනුව සිදුවන අක්‍රමිකතා පිළිබඳවද තමා වෙත තොරතුරු අනාවරණය වී ඇති බවද පැවැසූ ජනාධිපතිවරයා එකී තත්ත්වයන් හමුවේ රට යහපත් අතට ගෙන ඒම ඉතා අසීරු කරුණක් බවද සඳහන් කළේය.

තමා බලයට පත්වූයේ දූෂණයෙන් තොර පාලනයක් රටේ ස්ථාපිත කිරීමට බවද මෙහිදී පැවැසූ ජනාධිපතිවරයා තමන් නැවත වතාවක් ජනාධිපතිවරණයක් සඳහා ඉදිරිපත් වෙනවාද නැද්ද යන්න තවම තීරණය කර නැතත් ජීවත්වන තුරාවටම මෙරට දේශපාලනයේ නිරත වීමට තීරණය කර ඇති බවද අවධාරණය කළේය.

gossip lanka