ජාත්‍යන්තර පාසලක ළමුන් 9දෙනෙක් හිංසනයට ලක් වෙයි

ජාත්‍යන්තර පාසලක ළමුන් පිරිසක් හිංසනයට ලක් කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විමර්ශන ආරම්භ කර තිබේ.

එම පාසලේ 07 වන ශ්‍රේණියේ ළමුන් 09 දෙනෙකු කායික හා මානසික වශයෙන් කෲරත්වයට පත් කිරීමට අදාළව එම පාසලේම සිසුවෙකු විසින්
ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත පැමිණිලි කර ඇති බව එම අධිකාරියේ සභාපති නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය සඳහන් කළාය.

ඒ අනුව ඊට අදාළ විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර එම සිද්ධියට අදාළ ළමුන් ඇතුළු පාර්ශව කිහිපයකින් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සභාපතිවරිය කියා සිටියාය.

නීතිපති උපදෙස් මත මීට අදාළ ඉදිරි කටයුතු සිදු කරන බව ඇය සඳහන් කළාය.

පාසල් තුළ ළමුන් කෲරත්වයට පත් කරන සිද්ධීන් පිලිබඳව 1929 යන දුරකථන අංකයට තොරතුරු ලබාදෙන ලෙසද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපති නීතිඥ මරිනි ද ලිවේරා මහත්මිය ඉල්ලීමක් කරයි.

gossip lanka