පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා පළාත් සභා මන්ත්‍රීවරුන් සඳහා ලබා දෙනු ලබන නිදහස් තැපැල් පහසුකම් දෙගුණයකින් වැඩි කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි ව තිබේ.
අද (17) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමින් සම
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් මේ බව පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා පළාත් සභා මන්ත්‍රීවරුන්ට ලබා දෙන මෙම පහසුකම්වල වටිනාකම 2007 වර්ෂයෙන් පසුව සංශෝධනය කර නොමැති බවත් ඒ කාලය තුළ තැපැල් ගාස්තු සංශෝධනය වී නොමැති බව ද අමාත්‍යවරයා කියා සිටියේය.
ඒ අනුව ඊට සමගාමීව නිදහස් තැපැල් පහසුකමට අදාළ වටිනාකම ද සංශෝධනය කිරීමට ඉල්ලීම් ඉදිරිපත් ව ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වර්තමානයේ ලබා දෙනු ලබන රුපියල් 175,000 ක වාර්ෂික නිදහස් තැපැල් පහසුකම රුපියල් 350,000 ක් දක්වා ඉහළ නැංවීමටත්, පළාත් සභා මන්ත්‍රීවරුන් සඳහා වර්තමානයේ ලබා දෙනු ලබන රුපියල් 24,000 ක වාර්ෂික නිදහස් තැපැල් පහසුකම රුපියල් 48,000 ක් දක්වා ඉහළ නැංවීමටත් ඉදිරිපත් වු යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
මෙම ඉල්ලීම තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ.හලීම් අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර ඇත.
පාර්ලිමේන්තු හා පළාත් සභා මන්ත්‍රීවරුන්ගේ දීමනා දෙගුණයකින් වැඩි කරයි
2018-01-17T16:24:00+05:30
Gossip Lanka Hot News
slide|