අද (18) දිනයේ දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වන බව විදුලි සේවකයින් පවසනවා. ඒ විදුලි බල මණ්ඩලය තුළ ඊයේ (17) ඇතිවූ උණුසුම් තත්ත්වය්දී පොලීසිය විසින් තමන්ට පහර දුන් බවට පවසමින්.
සිය විරෝධතාවට පොලිස් කැරලි මර්ධන ඒකකයේ මැදිහත් වීමට
විරෝධය පළ කරන බවයි ඔවුන් පැවසුවේ.
විදුලි බල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් සඳහන් කළේ අද දිනයේ දී සියලුම සේවකයින් කොළඹට කැඳවීමට තීරණය කර ඇති බවයි. විදුලිබල මණ්ඩලයේ සිදුව ඇති මූල්‍ය වංචාවට විරෝධය පාමින් මෙම සටන ගෙන යන බවත් සඳහන් කළා. වැඩවර්ජනය හේතුවෙන් අඛණ්ඩ විදුලි සැපයුමට බාධාවක් සිදුවිය හැකි බවටයි වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.
ඒ සම්බ්ධයෙන් විදුලි බල අමාත්‍යාංශයෙන්ද විමසීමක් කළා. එහි සංවර්ධන අධ්යක්ෂ සුලක්ෂණ ජයවර්ධන සඳහන් කළේ යම්කිසි පාර්ශ්වයක් වර්ජනයක් සිදු කරන්නේ නම් විදුලි සැපයුම අඛණ්ඩව ලබාදීමට අවශ්‍ය පියවර ගැනීමට විදුලි බල මණ්ඩලය සූදානමින් ඇති බවයි.
සිය ගැටළු සම්බන්ධයෙන් විදුලි බල සේවකයින් අමාත්‍යාංශ ලේකම්වරයා සමගද ඊයේ සාකච්ඡ කළා. එහෙත් එම සාකච්ඡා අසාර්ථක වීමෙන් පසුවයි ඔවුන් විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා හමුවීමට පැමිණ ඇත්තේ. එහිදී විරෝධතාවයේ නිරත වූ පිරිස සභාපතිවරයාගේ නිල කාමරය වට කළා. සභාපතිවරයා ඇතුළු නිලධාරීන් බලහත්කායෙන් රඳවා ගෙන සිටිම නතර කරන ලෙස දන්වමින් පොලීසිය කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝගයක්ද ලබා ගත්තා.
එහෙත් එය භාර ගැනීමට විදුලි සේවකයින් කැමැත්ත පළ කලේ නැහැ. ඒ අනුවයි ඊයේ රාති‍්‍ර 8.30ට පමණ කැරලි මර්ධන ඒකකයේ නිලධාරීන් පැමිණියේ. එහිදී විදුලි බල මණ්ඩල පරිශ්‍රයේ ඇතිවූයේ උණුසුම් තත්ත්වයක්.
පැය 5කට අධික කාලයක් සේවකයින්ගේ ග්‍රහණයේ සිටි විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා කැරලි මර්ධන ඒකකයේ නිලධාරීන්ගේ මැදිහත්වීමෙන් පසුව මුදා ගැනුණා.
අද අඛණ්ඩ විදුලි සැපයුමට බාධා වෙයි ලු
2018-01-18T08:21:00+05:30
Gossip Lanka Hot News
slide|