ලංකාවේ විදුලිබල ස්වාධීනත්වය අහිමි වෙයි? විදුලිබලයේ මහා පරිමාණ වංචාවකට සූදානමක්

මෙරට ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 700ක් එකතු කරන තාප විදුලි ජනනය ස්වාභාවික ද්‍රව වායු ඉන්ධන විදුලි නිෂ්පාදන ව්‍යාපෘතියකට පරිවර්තනය කිරීම මගින් ඩොලර් මිලියන එකසිය පනහක් හෙවත් රුපියල් මිලිය 23,250ක පමණ මහා මූල්‍ය වංචාවකට සූදානම් වන බවට
ප‍්‍රබල සැකයක් මතු වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ආරංචිමාර්වලින් හෙළි වේ.

ස්වාභාවික ද්‍රව වායු බලාගාර බවට පත් කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ඩොලර් මිලියන තුන් සීයයක් වැය කර ඊට අදාළ ඉන්දීය, ජපන් හා ශ‍්‍රී ලංකා හවුල්කාර සමාගමක් පිහිටුවීමට යෝජනා කර ඇත.

අගමැතිවරයා පසුගිය වසරේ අප්‍රේල් මස 26 වන දින ඉන්දියාව සමග අත්සන් තබන ලද අවබෝධතා ගිවිසුමක් අනුව එම ව්‍යාපෘතිය ඇරඹීමට නියමිත බව එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.

එහෙත් එම ව්‍යාපෘතිය සඳහාම ඕස්ට්‍රේලියාවේ සමාගමක් ඉදිරිපත් වී තිබෙන අතර එම සමාගමට අදාළ ව්‍යාපෘතිය සඳහා වැය වන්නේ ඩොලර් මිලියන එකසිය පනහක් හෙවත් රුපියල් මිලියන 23,250ක් පමණ බවද අනාවරණය වේ.

ඩොලර් මිලියන තුන් සියයක් වැය වන ව්‍යාපෘතියට ලංකාවේ ආණ්ඩුව අනුමැතිය ලබා දී ඇති අතර ඒ වෙනුවෙන් පිහිටුවන සමාගමේ කොටස්වලින් 47.5%ක් ඉන්දියාවටත් 37.5%ක් ජපානයටත් ඉතිරි කොටස් 15% ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ලබා දීමටත් නියමිත බව හෙළි වේ.

මේ අනුව ලංකාවේ විදුලි බල ස්වාධීනත්වය රටට අහිමි කිරීම ආරම්භ කෙරෙන අතර එම විදුලිය ඒකකයක් නිෂ්පාදනය කිරීමේ පිරිවැය රුපියල් 05ක සිට රුපියල් 13 හෝ 14 දක්වා ඉහළ යාමට මෙම දූෂිත ව්‍යාපෘතිය නිසා සිදු වනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනතුරු ඇඟවයි.

gossip lanka