ලන්ච් ෂීට් සහ ෂොපින් බෑග් මිල ඉහළ යාමත් සමඟ කෑම පාර්සලයක මිල රුපියල් 10කින් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේ ලන්ච් ෂීට් සහ ෂොපින්
බෑග් සඳහා වැඩි පිරිවැයක් දැරීමට සිදුවීම හේතුවෙන් මෙලෙස මිල වැඩි කිරීමට තීරණය කර ඇති බවයි.
ජනවාරි 01 වන දා සිට මයික්රෝන 20 ට අඩු පොලීතින්, ෂොපින් බෑග් සහ ලන්ච් ෂීට් නිෂ්පාදනය, අලෙවිය සහ බෙදා හැරීම රජය විසින් තහනම් කරනු ලැබුවා.
කෑම පැකට්ටුවක මිල රුපියල් 10 කින් ඉහළට
2018-01-09T11:13:00+05:30
Gossip Lanka Hot News
slide|