මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත්ව අකුරැස්ස ප්රාදේශීය සභාවට තරඟ වදින සිය බිරිඳ වෙනුවෙන් නීතිවිරෝධී ලෙස ප්රවර්ධන කටයුතුවල නිරතව සිටි අකුරැස්ස ප්රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුවා සුනිල් ලියනගේ ඇතුළු කණ්ඩායමක් වැටලීමට පොලීසිය කටයුතු කර ඇත.
එම වැටලීමේදී සාරුවා සුනිල් ලියනගේට අයත් ජේ.සී.බී. යන්ත්රයක් සහ
එහි රියදුරු පමණක් අත්අඩංගුවට ගෙන ඇති නමුත් එහි සිටි සාරුවා සුනිල් ලියගේ අත්අඩංගුවට ගෙන නැත.
සාරුවා සුනිල් ලියනගේ නැමැත්තා මැතිවරණ නීති උල්ලංඝනය කරමින් තම බිරිඳව ප්රවර්ධනය වන පරිදි අකුරැස්ස ප්රදේශයේ මාර්ගයක් ප්රතිසංස්කරණය කරමින් සිටියදී මෙසේ ජේ.සී.බී. යන්ත්රය සහ එහි රියදුරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මාතර සහකාර මැතිවරණ කොමසාරිස්වරයාට ලැබුණු පැමිණිල්ලකට අනුව ක්රියාත්මක වූ අකුරැස්ස පොලිසිය අකුරැස්ස ගංහැල ප්රදේශයේ මාර්ගයක් දෙපස ප්රතිසංස්කරණය කරමින් සිටියදී මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.
ඡන්ද නීති කැඩූ සාරුවා සුනිල් නිදැල්ලේ…
2018-01-23T13:51:00+05:30
Gossip Lanka Hot News
slide|