මාස තුනක් රටපුරා විශේෂ සෝදිසි මෙහෙයුමක්

වරෙන්තුකරුවන් සහ නීතිවිරෝධී ගිනිඅවි  අත්අඩංගුවට  ගැනීම සඳහා  රටපුරා මාස තුනක විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව දිනපතා  සෑම ප්‍රදේශයකම ක්ෂණික මාර්ග බාධක යොදා
සැකකටයුතු වාහන පරීක්ෂා  කිරිම සිදු කෙරෙනු ඇති.

එමෙන්ම ඒ ඒ පොලිස්  ස්ථාන මගින්  සුදුසු  වේලාවන්හීදී  පැයක්  හෝ දෙකක් ආදී  වශයෙන්  එම වාහන පරීක්ෂාව සිදුකරන බවයි පොලීසිය සඳහන් කරන්නේ.

ජනවාරි 1 වැනි දා  සිට  මාර්තු 1 වැනි දා  දක්වා  මාස තුනක කාලයක්  තුළ එම විශේෂ මෙහෙයුම සිදු කෙරෙන අතර ඊට අවශ්‍ය උපදෙස්  පොලිස්පතිවරයා  විසින් නිකුත්  කර තිබෙනවා.

gossip lanka