ක්‍රිකට් ආයතනය 103ක් සමඟ කොන්ත්‍රාත් ගහන්න යයි !

දේශීය ක්‍රිකට් තරගාවලි සඳහා 2017 - 2018 ක්‍රිකට් වාරයේ සහභාගි වන පළමු ශ්‍රේණියේ ක්‍රිකට් ක්‍රීඩකයන් සියයකට අධික පිරිසක් කොන්ත්‍රාත් ගිවිසුම්වලට ඇතුළත් කරගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

රුපියල් ලක්ෂ 850ක් මෙම ගිවිසසුගත්වන ක්‍රීඩකයන් වෙනුවෙන් වෙන්
කරන බවද ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

කොන්ත්‍රාත් ගිවිසුම් සඳහා ක්‍රීඩකයන් තෝරාගෙන ඇත්තේ 2016 සහ 2017 ක්‍රිකට් වාරයටසහභාගිවූ ක්‍රීඩකයන් අතුරිනි.

2016-2017 ක්‍රිකට් වාරයේ ඉහළම දස්කම් දැක්වූ පළමු ශ්‍රේණියේ ක්‍රීඩකයන් විස්සක්, දේශීය තරගාවලි සඳහා සහභාගි වී උසස් දස්කම් පෙන්වීමට දිරිගැන්වීමක් ලෙස නැගී එන ක්‍රීඩකයන් විසිතුනක්, අවුරුදු 19න් පහළ ක්‍රීඩකයන් විසි නවයක්, හිටපු ජාතික ක්‍රීඩකයන් දාහතරක් සහ වත්මන් ජාතික කණ්ඩායමේ කොන්ත්‍රාත්තුවලට අයත් නොවන, එහෙත් මෑතකදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයන් දාහතක් වෙනුවෙන් කොන්ත්‍රාත් පිරිනැමෙයි.

ක්‍රීඩකයන් 103කට මෙම ප්‍රතිපාදන ලැබෙන බවත් ඔවුන්ගේ ක්‍රීඩා සමාජවලින් පිරිනැමෙන දීමනාවලට අමතරව මෙම ගෙවීම් කරන බවත් ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

gossip lanka