ශ්රී ලංකාවේ භූගෝලීය සිතියම අලුතින් සකස් කිරීමට ශ්රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබෙනවා.
නව ශ්රී ලංකා සිතියම එකට පනස් දහස පරිමාණයේ සිතියම් 92කින් සමන්විත වන අතර එයින් සිතියම් 65ක කටයුතු දැනටමත් අවසන් වී ඇති
බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.
ඉතිරි සිතියම් 27 ඉදිරි මාස කිහිපය තුළ සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන බව රජයේ මිණුම්පති පී.එම්.පී. උදයකාන්ත මහතා ප්රකාශ කළා.
ශ්රී ලංකාවේ සිතියම මෙසේ යළි සකස් කරනු ලබන්නේ වසර 18කට පසුවයි.
මේ කාලය තුළ ශ්රී ලංකා භූමියේ වෙනස්කම් රැසක් සිදු වී තිබෙන අතර නව සිතියමට අලුතින් ඉදිකරගෙන යන කොළඔ වරාය නගරයද ඇතුළත් වනවා.
ශ්රී ලංකාවේ දකුණු සහ නැගෙනහිර වෙරළ තීරයන්හි ගොඩවීමක් දක්නට ලැබෙන අතර හලාවත වෙරළ තීරයේ අඩුවිමක් සිදු වී ඇති බව නව සිතියම් වලින් පෙනී යන බවයි මිණුම්පති උදයකාන්ත මහතා සඳහන් කළේ.
නව ශ්රී ලංකා සිතියම චන්ද්රිකා තාක්ෂණය භාවිතා කරමින් සකස් කරගෙන යන බව ද මිනුම්පතිවරයා සඳහන් කළා.
වසර 18 කට පසු ශ්රී ලංකාව යළිත් සිතියම්ගත වෙයි - නව සිතියමේ භූගෝලිය වෙනස්කම් රැසක්
2018-01-16T08:25:00+05:30
Gossip Lanka Hot News
slide|