ගුරුවරියක් දණ ගැස්සවූ සංවිධායකගේ පුත්‍රයාටත් චෝදනාවක්

නවගත්තේගම නගරයේදී තරුණයෙකුට පහර දුන් බව කියන ආණමඩුව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ආනන්ද සරත් කුමාර මහතාගේ පුත්‍රයා සහ තවත් තරුණයෙකු රුපියල් ලක්ෂ 02 ක් බැගින් වූ ශරීර ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ,  ආණමඩුව මහේස්ත්‍රාත් ජනනි එස්. විජේතුංග මහත්මියගේ නියෝගයකට අනුවයි.

පසුගිය 10 වැනිදා නවගත්තේගම ඉන්ධන පිරවුම්හල අසලදී  පහරදීම සිදුකර ඇති බවයි පැවසෙන්නේ.

පහර කෑමට ලක්ව ඇති 19 හැවිරිදි තරුණයා නවගත්තේගම ප්‍රාදේශීය රෝහලට  ඇතුළත් කර තිබෙනවා.

පසුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සදහා කුරුණෑගල ශීක්ෂණ රෝහලට ඇතුළත් වී ඇති බවයි සඳහන් කළේ.

ආනන්ද සරත් කුමාර මහතාට ද මීට පෙර ගුරුවරියක දණ ගැස්ස වු බවට චෝදනා එල්ල වී තිබුණා.

gossip lanka

Related Posts:

Comments

Loading... Logging you in...
  • Logged in as
There are no comments posted yet. Be the first one!

Post a new comment

Comments by