අධි ආරක්ෂිත කලාපය මහජනයා සඳහා විවෘත වෙයි

යාපනයේ - පේදුරුතුඩුව පොන්නාලේ මාර්ගයේ කිලෝ මීටර් තුනක් දුරට පැවති අධි ආරක්ෂිත කලාපය පෙබරවාරි මස හතර වෙනිදාට යෙදෙන ජාතික නිදහස් දිනයට සමගාමීව මහජනයා සඳහා විවෘත කිරීමට ආරක්ෂක අංශ තීරණය කොට තිබේ.

ඒ අනුව පෙබරවාරි මස හතර වෙනිදා සිට සාමාන්‍ය වැසියන්ට එම
මාර්ගයේ ගමන් කිරීමට අවස්ථාව උදා වෙයි.

විශේෂයෙන්ම මුහුදු කලාපයේ ආරක්ෂාව වෙණුවෙන් නාවික හමුදාව විසින් මෙම ප්‍රදේශයේ ආරක්ෂක කටයුතුවල නිරතව සිටි අතර එම නිලධාරීන් මේ වන විට එම පළාතෙන් කිලෝ මීටර් 20 ක් පමණ උතුරු දෙසට ගමන් කොට තිබේ.

පේදුරුතුඩුව පොන්නාලේ මාර්ගය සාමාන්‍ය වැසියන් සඳහා යළි විවෘත වීමත් සමඟම එම ගම්මානවල වැසියන්ට පෙරට වඩා කිලෝ මීටර් 12 ක් පමණ අඩුවෙන් දුර ගෙවා ඔවුන්ගේ ගම්මානවලට යාමට අවස්ථාව උදා වෙයි.



gossip lanka