විදුලි හැරවිල්ලකින් රුපියල් මිලියන 23,250ක පාඩුවක් ?

ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 700ක් එක් කරණ තාප විදුලි ජනනය ස්වභාවික ද්‍රව වායු ඉන්ධන විදුලි ව්‍යාපෘතියකට පරිවර්තනය කිරීමේ ව්‍යාපෘතිය අඩු ලංසුකරු වෙනුවට වැඩි ලංසුකරුටදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩල ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ ගනුදෙනුව හේතුවෙන් ඩොලර් මිලියන 150 ක් (රුපියල් මිලියන
23,250ක) පාඩුවක් සිදුවන බව පැවසේ.

අදාළ ව්‍යාපෘතියට ඉන්දීය, ජපන් හා ශ්‍රී ලංකා හවුල්කාර සමාගමක් විසින් ලබාදුන් ඇමරිකානු ඩොලර් මිලියන 300ක ව්‍යාපෘතිය සඳහා අග්‍රාමාත්‍යවරයා අනුමැතිය ලබාදී ගිවිසුම් අත්සන්කර ඇත්තේ ඒ සඳහා ඕස්ට්‍රේලියානු සමාගමක් ඩොලර් මිලියන 150කට ලබාදුන් ලංසුව ඉවත දමමින් බවද පැවසේ.

අග්‍රාමාත්‍යවරයා ඉන්දියාව සමඟ පසුගිය වසරේ අප්‍රේල් මාසයේ අත්සන් කළ අවබෝධතා ගිවිසුමකට අනුව මේ ව්‍යාපෘතිය ඉන්දීය, ජපන් හා ශ්‍රී ලංකා හවුල්කාර සමාගමට ලැබී තිබේ.

එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පිහිටුවනු ලබන සමාගමේ කොටස්වලින් 47.5%ක් ඉන්දියාවට ද, 37.5%ක් ජපානයට හා 15% ක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට හිමිවන බව පැවසේ.

මේ අනුව ලංකාවේ විදුලිබල ස්වාධීනත්වයද රටට අහිමිවීමේ අවදානමක් ඇතිව ඇතැයි විදුලිබල මණ්ඩලයේ සේවකයෝ කියති.

අදාළ ව්‍යාපෘතිය හේතුවෙන් විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීමට යන පිරිවැය රුපියල් 05 සිට රුපියත් 13ත් 14ත් අතර අගයක් දක්වා ඉහල යා හැකි බවද පැවසේ.

gossip lanka