දුම්රිය රියදුරන් සහ නියාමකවරු ආරම්භ කළ වර්ජනය මේ වන විට අවසන් කර ඇති බව වාර්තා වේ.
ඒ දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්.අබේවික්‍රම මහතා සමඟ අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
තිරිංග දෝෂ සහිත චීන මැදිරිවලින් සමන්විත දුම්රිය ධාවනය කිරීමේදී
සිදුවන ගැටළු සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා දුම්රිය ඉංජිනේරුවන්ගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් පත් කිරීම සහ කොන්ත්‍රාත් පදනම මත සේවය කරන රියදුරන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට සාමාන්‍යාධිකාරීවරයා පොරොන්දු වීම හේතුවෙන් මෙම වර්ජනය අවසන් කළ බව දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා පවසා ඇත.
ඉල්ලීම් 04ක් මුල් කර ගනිමින් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය් රියදුරන් සහ නියාමකවරුන් විසින් මෙම වර්ජනය ආරම්භ කරනු ලැබීය.
Comments by IntenseDebate
Posting anonymously.
දුම්රිය වර්ජනය අවසන්
2018-01-24T16:24:00+05:30
Gossip Lanka Hot News
slide|