අගමැතිවරයා ප්‍රමුඛ එජාපයත් මැතිවරණ නීති උල්ලංඝණය කරලා.

අගමැති ප‍්‍රමුඛ එ.ජා.ප නායකත්වය මැතිවරණ නීති උල්ලංඝණය කරන බවට පැමිණිල්ලක් මැතිවරණ කොමිසමට සිදුකිරීමට කිරීමට මාධ්‍යවේදී කුසල් පෙරේරා කටයුතු කර ඇත.

පසුගිය 7 වනදා විද්‍යුත් තැපෑල මන්හින් යොමුකර ඇති එම පැමිණිල්ල හරහා කුසල් පෙරේරා පෙන්වාදී ඇත්තේ පළාත් පාලන මැතිවරණය
සඳහා තරග වදින ප‍්‍රධාන පක්ෂයක් වන එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සමුළුවක් යැයි බොරැල්ල කැම්බල් පිටියේ ජනවාරි 07 වනදා පවත්වන ලද මැතිවරණ ප‍්‍රචාරක රැළියේ කටයුතු රාජ්‍ය මාධ්‍යයන් වන ශී‍්‍ර ලංකා ජාතික රූපවාහිනිය හා ස්වාධීන රූපවාහිනිය මගින් විකාශනය කළ බවත් එය රාජ්‍ය දේපළ අවභාවිත කිරීමක් වන බවය.

එසේම විශේෂ සමුළුව යැයි නම් කෙරෙන පළාත් පාලන මැතිවරණ රැළිය ඇමතූ පක්ෂයේ ප‍්‍රධාන ලේකම් කබීර් හෂීම් ඇමතිවරයා පළාත් පාලන මැතිවරණ ප‍්‍රකාශය ගැන මෙන්ම ප‍්‍රචාරක අත් පති‍්‍රකා ආදිය පිළිබඳ කතා කළ බවත් කොළඹ මහ නගර සභාවට එ.ජා.පයෙන් නගරාධිපති ධූරයට තරග වදින රෝසි සේනානායක මහත්මියගේ සමස්ථ කතාවම මැතිවරණ පොරොන්දු ඇතුළත් ප‍්‍රචාරක කතාවක් වූ බවද ඔහු තම පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

තවද මේ ආකාරයටම ඉතා විවෘතව හා නිර්ලජ්ජීව මැතිවරණ නීති ශී‍්‍ර.ල.නි.ප සභාපති වන ජනාධිපති සිරිසේන විසින්ද උල්ලංඝණය කළ බවට මීට ඉහතින් පසුගිය දෙසැම්බර 28 වන දින සහ ජනවාරි 04 වන දින පැමිණිලි කළත් ඊට අදාලව කිසිඳු පියවරක් ගැනීමට මැතිවරණ කොමිසම කටයුතු කර නොමැති බවද අදාළ පැමිණිල්ල සහිත ලිපියේ සිහිපත් කර ඇත.

රාජ්‍ය නායකයින් මැතිවරණ නීති උල්ලංඝණය කිරීම සම්බන්ධව පියවරක් ගැනීමට මැතිවරණ කොමිසම ක්‍රියා නොකිරීම ගැටළු සහගත තත්ත්වයක් බවත් ඒ හරහා ඔප්පුවන්නේ

මැතිවරණ කොමිසම මේ යහපාලන ආණ්ඩුවේ පැහැදිලි අතකොළුවක් බවට පත්වීමේ අවධානමක් බවද එහි සඳහන්ව ඇත.

gossip lanka