වික්ටර් රත්නායකගේ බිරිදගෙන් ඇප අයැදුමක්

තංගල්ලේ රාජ්‍ය බැංකුවක තැන්පත් කොට තිබූ රුපියල් ලක්‍ෂ 12 1/2 කට අධික රන් භාණ්ඩ අතුරුදන් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් බාරයට පත් කොට සිටින ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිඳට ඇප නියම කරන්නැයි ඉල්ලමින් තංගල්ල මහාධිකරණයට ඊයේ ඇප අයැදුමක් ඉදිරිපත් කරනු ලැබීය.

ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ රිමාන්ඩ් බාරයට පත් කරමින්
තංගල්ල මහේස්ත්‍රාත්වරයා නිකුත් කළ නියෝගය ප්‍රතිශෝධනය කොට ඇයට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ඉදිරිපත් කළ මෙම ප්‍රතිශෝධන අයැදුම් පත්‍රය සලකා බැලූ තංගල්ල මහාධිකරණ විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය මෙහි වගඋත්තරකරුවන්ට ලබන මස 06 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කළාය.

ගායක වික්ටර් රත්නායක මහතාගේ බිරිඳ වන හෂිනි නිලක්‍ෂි අමේන්දා මහත්මිය විසින් ඉදිරිපත් කොට ඇති මෙම ප්‍රතිශෝධන අයැදුම් පත්‍රයේ වගඋත්තරකරුවන් වශයෙන් තංගල්ල විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සහ නීතීපතිවරයා නම් කර  ඇත.

gossip lanka