වර්තමානයේ පවතින වීසා වර්ග සහ අය කරනු ලබන ගාස්තු සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ සඳහා ආගාමික සහ විගාමික පනතේ වගන්ති සහ රෙගුලාසි සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බවයි අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සඳහන් කළේ.
ඒ අනුව දැනට රුපියල්වලින් අය කරනු ලබන වීසා ගාස්තු ඇමරිකානු
ඩොලර්වලින් අය කිරීමට නිර්දේශ වී තිබෙනවා.
එසේම ද්විත්ව පුරවැසිභාවය සඳහා අයදුම් කිරීමට හැකියාවක් නොමැති විදේශීය පුරවැසිභාවය ලබා සිටින ශ්‍රී ලාංකිකයින්ට ස්ථීර නේවාසික වීසා ලබාදීමට ද මෙහිදී සිදුකෙරෙනු ඇති.
දේශීය හා විදේශීය ආයෝජන ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනට අනුව නව ක්‍රමවේදය හඳුන්වා දෙන බව ද අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා තවදුරටත් ප්‍රකාශ කළා.
වීසා ගාස්තු සංශෝදනය වෙයි
2018-01-11T08:15:00+05:30
Gossip Lanka Hot News
slide|