බාල වයස්කරුවන්ට ලැඟුම්හල්වල කාමර පහසුකම් ලබාදීමෙන් වළකින ලෙස, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සියලු ලැඟුම්හල් හිමියන්ගෙන් ඉල්ලා සිටියි.
දිවයින පුරා කාමර පහසුකම් ලබා දෙන ස්ථාන දක්නට ලැබෙන අතර,
ඇතැම් ස්ථාන ආශ්‍රිතව බාල වයස්කරුවන් ලිංගික කටයුතුවලට යොදා ගන්නා බවට විවිධ මතවාද සමාජය තුළ දක්නට ලැබේ. විශේෂයෙන් අඩුවයස් ළමයින් ඇති කර ගන්නා වූ ප්‍රේම සම්බන්ධතා හේතුවෙන් පෙබරවාරි 14 දා හා සති අන්ත දිනවලදී ඔවුන් මෙවැනි ස්ථාන කරා පිවිසෙන බවට ද සමාජය තුළ දක්නට ලැබෙන තවත් මතයකි.
විශේෂයෙන් වැඩිහිටි පුද්ගලයන් විසින් බාලවයස්කාර ළමයින් ලිංගික කාරණා සඳහා පොළඹවා ගෙන මෙවැනි ස්ථාන වෙත පිවිසිය හැකි බැවින්, තමන් විසින් නවාතැන් පහසුකම් ලබා දෙන්නා වූ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේම ජාතික හැඳුනුම්පත් පරීක්ෂා කර බැලීමට ලැඟුම්හල් හිමියන් සිය අවධානය යොමු කළ යුතුවේ. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මෙවැනි ස්ථාන පරීක්ෂා කිරීමේ වැඩසටහනක්ද මේ වන විට ආරම්භ කර ඇත.
එමෙන්ම මෙලෙස බාල වයස්කරුවන්ට ලිංගික කාරණා සඳහා අවස්ථා ලබා දෙන ලැඟුම්හල් පිළිබඳව, ළඟම ඇති පොලිස් ස්ථානය හෝ 1929 ශ්‍රී ලංකා ළමා දුරකථන සේවය අමතා ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දැනුවත් කරන මෙන් අප සියලු පාර්ශවයන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.
ලැඟුම්හල්වලට අලුත් නීතියක් - ළමා රක්ෂණ අධිකාරිය වැටලීම් අරඹයි
2018-02-16T08:16:00+05:30
Gossip Lanka Hot News
slide|