ඌව පළාත් සභා මන්ත්‍රී ඒ. ගනේෂමූර්ති මහතා පස්සර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අද (05 දා) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
ඒ රැකියා දෙන බවටට පොරොන්දු වෙමින් පුද්ගලයන් දෙදෙනෙකුගෙන්
රුපියල් 23,000 ක මුදලක් වංචා කිරීම හේතුවෙනි.
එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ලංකා කම්කරු කොන්ග්‍රසයේ මන්ත්‍රීවරයෙකු ලෙස ඌව පළාත් සභාවට තේරීපත් වූ ඔහු පසුගියදා ලංකා කම්කරු කොන්ග්‍රසයෙන් ඉවත්වී එක්සත් ජාතික පක්ෂය සමඟ එක්විය.
මෙසේ රැකියා ලබාදෙන බවට පොරොන්දු වී තවත් පුද්ගලයන් දෙදෙනෙකුගෙන් මුදල් වංචා කිරීමේ පැමිණිලි දෙකක් බදුල්ල පොලීසියට ලැබී ඇත.
Comments by IntenseDebate
Posting anonymously.
රැකියා දෙන්න ගිය ඌවේ තවත් මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
2018-02-05T15:19:00+05:30
Gossip Lanka Hot News
slide|